කොවිඩ් මළ සිරුරු භූමදානයට අවසර නොදෙන්නැයි විරෝධයක්


 

 
( රොමේෂ් ධනුෂ්ක සිල්වා)

කොවිඩ් 19 වයිරසය ආසාදනය වීමෙන් මියයන රෝගීන්ගේ  මළසිරුරු භූමිදානය කිරීමට කිසිසේත් අවසර නොදෙන්න යැයි රජයට බලකරමින් ‘සිංහල සංවිධාන එකමුතුව’ විසින් සංවිදානය කළ විරෝධතාවක් කොළඹ ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරිපිට දී අද (04) පැවැතිවිණි.

‘ජනවරමට පිටුපා අන්තවාදයට ඉඩ නොදෙනු - සියලු කොරෝනා මරණ ආදාහනය කරනු’ යන තේමාව යටතේ මෙය පැවැත්වූ අතර ‘නව සිංහල ජාතික ව්‍යාපාරයේ’ අධ්‍යක්‍ෂ සුරේෂ් ප්‍රියසාද්   ඇතුළු පිරිසක් මේ අවස්ථාවට එක්ව සිටියහ